BPP අදියර 1 - ප්‍රමිතීන් 32

 

BPP අදියර 1


වසම් 4 කි, නිපුණතාවයන් 14කි. ප්‍රමිතීන් 64කි, දර්ශකයන් 256 කි. BPP පාඨමාලාවේදී  ප්‍රමිතීන් 32 ක් ආවරණය කෙරේ.


වසම 1 ගුණාත්මක පාසල් පාලනය

නිපුණතාව 1.1

ශිෂ්‍ය සහ ගුරු නායකත්වය පාසල් ප‍්‍රජාව මෙහෙයවීමේදී අධ්‍යාපන නායකයා විසින් උපයෝගී කරගනු ලබන සහ ප‍්‍රවර්ධනය කරනු ලබන අන්තර් පුද්ගල කුසලතා මෙම නිපුණතාව ට අදාළ වේ.

ප‍්‍රමිතිය 1.1.1  පාසල් ප‍්‍රජාව තුළ දී සහ පිටතදී ධනාත්මක සබඳතා, සහයෝගිතාවය හා අන්‍යෝන්‍ය ප‍්‍රතිලාභ හවුල්කාරීත්වය සංවර්ධනය කිරීම.

චර්යාත්මක හා භෞතික දර්ශක

  1. දවස තුළදී සිසුන්ට සහ ආචාර්ය මණ්ඩලයට ආචාර කිරීම සිදු කරයි.
  2. ආචාර්ය මණ්ඩලයේ  හා සිසුන්ගේ ක‍්‍රියාකාරකම් වලදී ලැදියාවක් පෙන්වයි.  
  3. පාසලට පැමිණෙන දෙමව්පියන් හා ප‍්‍රජාව සාදරයෙන් පිළිගනියි.
  4. පාසලෙන් බාහිරව ඇති සියලූම කමිටු/සමිති/සමාගම්වලට උපකාර කිරීම හා සමීපව කටයුතු කරයි.

ප‍්‍රමිතිය 1.1.2  ගුරුවරුන්ට හා සිසුන්ට වෘත්තීයමය ලෙස ම`ගපෙන්වීම, උපකාර කිරීම උපාධ්‍යකරණය හා සංවර්ධනය කිරීම.

චර්යාත්මක හා භෞතික දර්ශක
  1. වෘත්තීය කරුණු හා අභිප‍්‍රායන් සහ අවශ්‍යතා පිළිබඳව ආචාර්ය මණ්ඩලයේ සියලූම දෙනාට කථා කිරීමට කාලය සොයයි.
  2. ගුරුවරුන්ගේ පාඩම් සැලසුම්කරණයේ දී නිතිපතා වෘත්තීය අධීක්ෂණ වගබලා ගනියි.
  3. වෘත්තීයමය වශයෙන් මැනවින් කාර්යය සාධනය නොපෙන්වන ගුරුවරුන්ට හා කාර්යය මණ්ඩලයට අවශ්‍ය ම`ග පෙන්වීම් සපයයි.  
  4. ගුරුභවතුන්ගේ සඵලදායී ව්‍යවහාරයන් කාර්යය මණ්ඩලයට ආදර්ශනයට වැඩසටහනක් ඇත.

වසම 2 ධනාත්මක ඉගෙනුම් පරිසරය


නිපුණතාව 2.1
කායික යෝග්‍යතාව ආචාර්ය මණ්ඩලය දෙමාපියන් සහ සාමාන්‍ය ජනතාව ඇතුළත්වන ශිෂ්‍යයින්ගේ කායික ආරක්ෂාව, සෞඛ්‍ය සහ සුරක්ෂිතතාව සාක්ෂාත් කිරීමට සංවිධානය තුළ අධ්‍යාපන නායකයා පිහිටුවන ක‍්‍රියාවලින් සහ ව්‍යවහාරවලට මෙම නිපුණතාව අදාළ වේ.

ප‍්‍රමිතිය 2.1.1  පාසලේ පවතින පවිත‍්‍රතාවය හා සනීපාරක්ෂාව සාක්ෂාත් කරයි.

චර්යාත්මක හා භෞතික දර්ශක
  1. පාසලේ පවිත‍්‍රතා වැඩසටහන් සංවර්ධනය කිරීම හා නිතිපතා අධීක්ෂණය කරයි.  
  2. පාසල් පරිසරයේ දී රෝග අඩු කරන සුරක්ෂිත ජලයට ප‍්‍රවේශ විය හැකි ක‍්‍රමානුකූලව ක‍්‍රියාත්මකවන වැසිකිලි සහ ප‍්‍රමාණවත් සෞඛ්‍ය ආරක්ෂාවක් පවතින බව සාක්ෂාත් කරයි.   
  3. පෞද්ගලික සනීපාරක්ෂාව නිතිපතා ඉගැන්වීම සහ නියාමනය කරනු ලබයි.  
  4. කුණු කසල එක්රැුස් කිරීමේ හා බැහැර කිරීමේ ක‍්‍රියාවලියක් පවතී.  කසල භාජන ස්ථානගත කර ඇත.  කඩදාසි, ප්ලාස්ටික් සහ ලෝහ වර්ගීකරණය කර ඇත. 

ප‍්‍රමිතිය 2.1.2  පාසල් ප‍්‍රජාව සඳහා ඉගෙනීමට, වැඩ කිරීමට හා සොයාබැලීමට යාමට පාසල සුරක්ෂිත හා ආරක්ෂාකාරී ස්ථානයක් බව සාක්ෂාත් කිරීම. 
 
චර්යාත්මක හා භෞතික දර්ශක

  1. ජල තටාක හෝ ලිං සහ පැහැදිලි හෝ දුගද හමන මදුරුවන් බෝවිය හැකි එකතැන පල්වූ වතුර වැනි අනතුරු විය හැකි, වැටකින් ආවරණය නොවූ ප‍්‍රදේශ පාසලට ඇත.   
  2. පාසල් ආපදා සැලසුම්, සරඹ සහ පාසලින් ආරක්ෂිතව ඉවත්වීම නිතිපතා පුහුණු කරනු ලැබේ.
  3. පාසල සතුව ප‍්‍රමාණවත් ඖෂධ ප‍්‍රථමාධාර කට්ටල හා ගිලන් ඇඳ ඇතුළත්ව වෛi ඒකකයක් ඇත.  හදිසි අවස්ථාවලදී දෙමාපියන් සම්බන්ධ කළ හැකි දුරකථන අංක කාර්යාලයේ තබා ඇත.    
  4. මූලික ප‍්‍රථමාධාර පිළිබඳව මෙන්ම හදිසි අවස්ථාවකට ප‍්‍රතිචාර දැක්විය හැකි අයුරින් ගුරුභවතුන් පුහුණුකර ඇත.

වසම 3 සඵලදායී පාසල් කළමනාකරණය


නිපුණතාව 3.1

භෞතික සම්පත් කළමනාකරණය මෙම නිපුණතාව උපකරණ, උපයෝග, වත්කම්, සම්පත්, ද්‍රව්‍ය සහ භූමිය කළමනාකරණයට පාසලේ නායකයා සංවර්ධනය කරන ක‍්‍රියාවලි සහ පද්ධතිවලට අදාළ වේ.



ප‍්‍රමිතිය 3.1.1  පාසල් භූමිය, ගොඩනැගිලි සහ පහසුකම් නඩත්තු කිරීමට වැඩසටහනක් සංවර්ධනය කරයි.
චර්යාත්මක හා භෞතික දර්ශක

  1. ප‍්‍රධාන සැලැස්ම පාදකකොට ගෙන සමස්ත පාසල් පිරියත කළමනාකරණය කරයි.  සැලසුම අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියේ ද අන්තර්ගත කරනු ලැබේ. 
  2. පාසල් ගොඩනැගිලි, ක‍්‍රීඩා පිට්ටනි ආදිය නඩත්තු කරයි.  පාසල මනාව පින්තාරු කර තිබීම සහ සියලූම පෙදරේරු කාර්යයන් හොඳ තත්ත්වයක ඇත.  
  3. පාසලේ සුළු කාර්යය නඩත්තු කිරීම සහ ප‍්‍රතිසංස්කරණය සඳහා සකස්කළ අත්පත‍්‍රිකා ලේඛන සහ පිරික්සුම් ලැයිස්තු භාවිත කරයි.   
  4. පාසලේ විදුලි බල පද්ධතිය සහ විiුත් රැුහැන් ඇදීම වෘත්තීමය ලෙස සහ ආරක්ෂිතව පිහිටුවීම කළමනාකරණය කරයි.  


ප‍්‍රමිතිය 3.1.2  පාසල සුරක්ෂිත සහ පවිත‍්‍ර බව සාක්ෂාත් කරගැනීමට වැඩසටහන් හා ක‍්‍රියාවලි හඳුන්වයි.

චර්යාත්මක හා භෞතික දර්ශක

  1. පාසලේ ප‍්‍රමාණවත් පරිදි ජල සැපයුම සහ පවිත‍්‍රතාව ඇති බව සාක්ෂාත් කරයි. 
  2. නිරන්තරව වැසිකිලි පවිත‍්‍ර කිරීම් හා නඩත්තු කිරීමේ ක‍්‍රියාවලියක් ක‍්‍රියාත්මක වේ.
  3. පාසල් ආචාර්ය මණ්ඩලය සහ සිසුන් පාසල් පිරියත නඩත්තු කරයි.  
  4. මැනවින් නඩත්තුකරන ලද වැටක් පාසලට ඇත.


වසම 4 ගුණාත්මක ඉගෙනුම් ඵල/නිමැවුම්


නිපුණතාව 4.1
විෂයමාලාව ක‍්‍රියාත්මක කිරීම සහ සුපරික්ෂණය මෙම සංරචකය පාසල් පාදක විෂයමාලාව සංවර්ධනය කිරීමට, ක‍්‍රියාත්මක කිරීමට සහ ඇගයීමට අධ්‍යාපන නායකයා පිහිටුවන ලද ක‍්‍රියාවලියට අදාළ වේ.

ප‍්‍රමිතිය 4.1.1 ජාතික විෂයමාලාව සඵලදායීව ක‍්‍රියාත්මක කිරීම, සාක්ෂාත් කිරීම.

චර්යාත්මක හා භෞතික දර්ශක

  1. සියලූම ගුරුවරුන් ජාතික විෂයමාලාවේ ඉගැන්වීමට අවශ්‍යකරන, ඒකක/මට්ටම්වල අනුපිළිවෙල පිළිබඳ දැනුවත් වී ඇතිබව සාක්ෂාත් කරයි.
  2. සියලූම ගුරුවරුන්ට ජාතික විෂයමාලාව ඉගැන්වීමට ප‍්‍රමාණවත් විෂය නිර්දේශ සහ ගුරු මාර්ගෝපදේශ පොත් තිබෙන බව සාක්ෂාත් කරයි.
  3. ජාතික විෂයමාලාව ක‍්‍රියාත්මක කිරීම වඩාත් හොඳින් දැක ගැනීමට පාසලට විෂයමාලා කමිටුවක් ඇත.   
  4. වඩා හොඳ විෂයමාලා ව්‍යවහාරයන් පොහොසත් කිරීමට පාසලට ඇති හැකියාව, විධිමත් විෂයමාලාවට අමතරව සැ`ගවුන විෂයමාලාව සඳහා අවස්ථා සපයයි.

ප‍්‍රමිතිය 4.1.2  පාසල පුරා විෂය සමගාමී වැඩසටහනක් සංවර්ධනය කිරීම සහ ක‍්‍රියාත්මක කිරීම.
චර්යාත්මක හා භෞතික දර්ශක

  1. විෂය සමගාමී වැඩසටහනෙහි සැලසුම් නිර්මාණය කිරීමේදී සිසුන්ව මැදිහත් කරගැනීමට පාසල් විෂයමාලා කමිටුව ධෛර්යමත් කරයි.
  2. සිසුන්ට සහ දෙමාපියන්ට විෂය සමගාමී ක‍්‍රියාකාරකම් පිළිබඳව අතිරේක බරක් නොදැරීම ට වගබලා ගනියි.
  3. අවධානය යොමුකළ යුතු සිසුන්ට ඉගෙනුම් දීර්ඝ කිරීමේ ඒකක සංවර්ධනය හා ඉගැන්වීම කරනු ලැබේ.
  4. එක් එක් ශිෂ්‍යයාගේ සමබර පෞරුෂයට ම`ගපෙන්වන ක‍්‍රියාකාරකම් අවම වශයෙන් දෙකකට ඔවුන් සහභාගිකරවීම ධෛර්යමත් කරයි.

Post a Comment