ප්‍රායෝගික ඇගයීම

  NCFSLM -පාසල් නායකත්ව හා කළමනාකරණය සඳහා වූ ජාතික නිපුණතා රාමුව

BPP- මූලික විදුහල්පති වැඩසටහන - අදියර 01
බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව



පදනම් ඇගයීම

මෙම බ්ලොග් අඩවියට පහත තොරතුරු එක් කරන්න
පළමුව ඔබ මෙම බ්ලොග් අඩවියේ ලියාපදිංචි විය යුතුය

  1. Best Practices - at least 1
  2. Challengers  - at least 1
  3. My Innovations  - at least 1
  4. My School in 2025
  5. My Profile


ප්‍රායෝගික ඇගයීම 

පහත සඳහන් ඇගයීම්, නිපුණතා ප්‍රමිතීන් 1.1.1 , 1.1.2, 2.1.1, 2.1.2, 3.1.1, 3.1.2, 4.1.1 සහ 4.1.2 ට අදාළව සකස්කර ඇති අතර, දෙවන අදියර ආරම්භ කිරීමට පෙර පවත්වනු ලබන සම්මේලන දිනය (අපේක්ෂිත දිනය : 2019 ජනවාරි 28 )හෝ ඊට පෙර දිනයක දී පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සැලසුම් අංශය වෙත මුද්‍රිත පිටපත් ලෙස භාරදිය යුතුය. එම මුද්‍රිත පිටපත සමඟ මෘදු පිටපත් (Soft copy, Photograph, Videos) ඉදිරිපත් කළ යුතු අවස්ථාවක එම මෘදු පිටපත් NCFSLM Facebook සමූහයට ගොනු ලෙස (File) උඩුගත කර (Upload) එහි ප්‍රවේශ ලිපිනය ඇගයීම් පත්‍රිකාවේ සඳහන් කළ යුතු ය.

ඇගයීම් සඳහා ලකුණු පිරිනමනු ලබන අතර, ඒ සඳහා ඔබ විසින් උඩුගත කරනු ලබන මෘදු පිටපත් ඇතුළත්ව ඇගයීමේ සමස්ත අන්තර්ගතය පිළිබඳව සළකා බලනු ලැබේ.

ඔබ ඇගයීම් සඳහා නව යාන්ත්‍රණ හා නව ක්‍රමවේදයන් ඉදිරිපත් කළ අවස්ථා වල දී එම ක්‍රමවේදය/යාන්ත්‍රණය පහත සඳහන් වර්ගයකට අයත් විය යුතු ය.

A - ඔබ විසින් මෙතෙක් ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යාන්ත්‍රණය හා ක්‍රමවේද එලෙසම පවත්වා ගෙන යාම
B - වැඩි දියුණු කිරීම
C - පැවති යාන්ත්‍රණය, ක්‍රමවේදය සම්පූර්ණයෙන් නතර කර නව ක්‍රමවේදයක් හදුන්වාදීම
D -මේ සම්බන්ධයෙන් පාසලේ කිසිඳු ක්‍රමවේදයක් නොපවතින බැවින් නව ක්‍රමවේදයක් හඳුන්වාදීම

නිපුණතා 1.1.1 - ඇගයීම් 01

·       i, ii, iii චර්යාත්මක හා භෞතික දර්ශකයන් ඔබ විසින් අත්කරගෙන ඇති බව සනාථ කරන ඡායාරූප, වීඩියෝපට, විවිධ පාර්ශවයන්ගේ අදහස් සහිත ලේඛන  ඇතුළත් වාර්තාවක් සකස් කරන්න.

·       පාසලෙන් බාහිරව ඇති සමිති සමාගම්වල අන්‍යෝන්‍ය සම්බන්ධතාව පෙන්වන ක්‍රියාකාරකම් සම්බන්ධතාව පෙන්වන ක්‍රියාකාරකම් ඇතුළත් ලෙස ලේඛණයක් සකස් කරන්න.

නිපුණතා 1.1.2 - ඇගයීම් 02

·       වෘත්තීමය වශයෙන් කාර්ය සාධනය නොපෙන්වන ගුරුවරුන් සංඛ්‍යාව හා එම ගුරුවරුන් සඳහා අවශ්‍ය මඟපෙන්වීම සපයන යාන්ත්‍රණයක් ඉදිරිපත් කරන්න.

·       ගුරුවරුන්ගේ සඵලදායී ව්‍යවහාරයන් ඇතුළත් ලේඛණයක් සකස් කරන්න.

නිපුණතාව 2.1.1. - ඇගයීම 03
ඔබ විසින් ක්‍රියාත්මක කරන පාසලේ පවිත්‍රතා වැසටහන  හා එහි ක්‍රියාත්මක යාන්ත්‍රණය විස්තර කරන්න.

නිපුණතාව 2.1.2. - ඇගයීම 04
පාසල සුරක්ෂිත හා ආරක්ෂිත ස්ථානයක් බවට සනාථ කරන යාන්ත්‍රණයක් ඉදිරිපත් කරන්න.

නිපුණතාව 3.1.1. - ඇගයීම 05
පාසල් භූමිය, ගොඩනැඟිලි හා පහසුකම් නඩත්තු කිරීමේ යාන්ත්‍රණය ඉදිරිපත් කරන්න.

නිපුණතාව 3.1.2. - ඇගයීම 06
ඵලදයිතා ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා වන පසුබිම සකස් කරන්න.

නිපුණතාව 4.1.1. - ඇගයීම 07
පාසල තුළ සමස්ත/පූර්ණ විෂය මාලාව ඵලදායී ලෙස ක්‍රියාත්මක වීම සහතික කරන ඔබ විසින් ක්‍රියාත්මක කරනු ලබන යාන්ත්‍රණයක් ඉදිරිපත් කරන්න.

නිපුණතාව 4.1.2. - ඇගයීම 08
සෑම ශිෂ්‍යයෙක්ම අවම වශයෙන් විෂය සමගාමී ක්‍රියාකාරකම් දෙකකටවත් සහභාගී කරවීමේ යාන්ත්‍රනයක් හඳුන්වා දෙන්න.

ඇගයීම 09
පාසලේ සියලූම ගුරුවරුන් හා කාර්ය මණ්ඩලය සඳහා සතිපතා ශරීර සුවතා වැඩසටහනක් සංවිධානය කරන්න.

ඇගයීම 10
 පාසල් පාදක ගුරු සංවර්ධනය යටතේ මාසික මානසික සුවතා ( රසවින්දනාත්මක ) වැඩසටහනක් සියලූම ගුරුවරුන් හා කාර්ය මණ්ඩලය සඳහා සංවිධානය කරන්න.

ඇගයීම 11
විදුහල්පති කාමරය අනවශ්‍ය ලේඛන හා බඩු බාහිර ආදියෙන් තොර අත්‍යාවශ්‍ය තොරතුරු හා උපකරණයන්ගෙන් පමණක් සමන්විත විදුහල්පතිවරයෙකුගේ පෞරුෂය හා අභිමානය ගම්‍ය වන පාසලේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙසට පරිවර්තනය කිරීම හා විදුහල්පතිවරයෙකුට උචිත බාහිර පෙනුමකින් සන්නද්ධ වීම. (මේබව දැක්වෙන ඡායාරූප වීඩියෝපට ඉදිරිපත් කරන්න.)

ඇගයීම 12
සෑම විදුහල්පතිවරයෙකුටම පෞද්ගලික  e-mail ලිපින‍යක් තිබිය යුතු අතර පාසල සඳහා ද e-mail ලිපින‍යක් පවත්වා ගත යුතුය. පාසලේ e-mail ලිපිනයේ වගකීම සුදුසු ගුරුවරයෙකුට පවරා Data Teacher ලෙස එම ගුරුවරයාගේ රාජකාරී ලැයිස්තුවට එම රාජකාරිය ඇතුළත් කර එහි වගකීම් හා කාර්යභාරය එම ගුරුවරයාට දැනුම්දිය යුතුය.

·       MS PowerPoint  භාවිතයෙන් සරල ඉදිරිපත් කිරීමක් සකස් කර ගැනීමේ හැකියාවක් ලබා ගත යුතුය.

·       අදියර 01 පාඨමාලාවෙන් ඔබ ලැබූ අත්දැකීම්, අත්කරගත් කුසලතා, නිපුණතා, The Points, To Do ඇතුළත් වන සේ Slides දහයක Presentation එකක් ඔබ විසින් සකසා ගන්නා ලද  පෞද්ගලික e-mail ලිපිනයෙන් hrd@edudept.wp.gov.lk ලිපිනයට යොමු කරන්න.

Post a Comment