ඇගයීම් - ජාතික අධ්‍යාපන ආයතනය
ප්‍රමිතිය 1.1.1 පාසල් ප්‍රජාව තුළ දී සහ පිටතදී ධනාත්මක සබඳතා, සහයෝගිතාවය හා අන්‍යෝන්‍ය ප්රතිලාභ හවුල්කාරීත්වය සංවර්ධනය කිරීම.
- පාසලේ සිසු ගුරු ජයග්රහනවලදී හා සංවේගයකදී ආචාර කළ හැකි අවස්ථා දහය (10* බැගින් ලියා දක්වන්න.
- එබඳු අවස්ථා තහවුරු කිරීම සඳහා ඔබ විසින් ඉදිරිපත් කරනු ලබන ලේඛන මොනවාද?
- සිසු හා ගුරු මණ්ඩලයේ ක්‍රියාකාරකම්වලදී තම ලැදියාව පෙන්විය හැකි අවස්ථා දහයක් ලියා දක්වන්න.
- එවැනි අවස්ථාවලදී සිසුන් හා ගුරු මණ්ඩලය විසින් දැක්වූ ප්‍රතිචාර පහක් (05* ලියා දක්වන්න.
- පාසලට පැමිණෙන දෙමාපියන් හා ප්‍රජාව සාදරයෙන් පිළිගත හැකි ක්‍රම හයක් (06* නම් කරන්න.
- දෙමාපියන් හා ප්‍රජාව සාදරයෙන් පිළිගත් ක්‍රම 06 ක්‍රියාත්මක කළ ආකාරය තහවුරු කිරීම සඳහා පහත සඳහන් ශීර්ෂ යටතේ පැහැදිලි කරන්න.
6 - 1 ප්‍රජාවගේ අදහස්
6 - 2 ප්‍රජාව විසින් කරනු ලැබූ යෝජනා
6 - 3 සහභාගීත්ව වාර්තා
7. පාසලෙන් ප්‍රජාවට සැලසිය හැකි සේවාවන් 08 නම් කරන්න.
8. එම සේවාවන් අට (08* පහත සඳහන් ශීර්ෂ යටතේ තහවුරු කර පෙන්වන්න.
x 8 - 1 ව්‍යාපෘති වාර්තා
x 8 - 2 කමිටු වාර්තා
x 8 - 3 ප්‍රජාවට ලියන ලද ලිපි
x 8 - 4 අදාළ රැුස්වීම් වාර්තා
ප්‍රමිතිය 1.1.2 ගුරුවරුන්ට හා සිසුන්ට වෘත්තීයමය ලෙස ම`ගපෙන්වීම, උපකාර කිරීම උපාධ්යකරණය හා සංවර්ධනය කිරීම.
1. ගුරු මණ්ඩලයේ හා කාර්ය මණ්ඩලයේ වෘත්තීය හා පෞද්ගලික අවශ්‍යතා සාකච්ඡුා කිරීමට යොදා ගන්නා ක්‍රමවේදයන් 05 ක් නම් කරන්න.
2. පහත සඳහන් ශීර්ෂ යටතේ සාකච්ඡුාවට බඳුන් වූ කරුණු සහ ප්‍රතිචාර වාර්තා කරන්න.
x 2 - 1 මාසික ගුරු රැුස්වීම
x 2 - 2 උදෑසන රැුස්වීම
x 2 - 3 විෂය කමිටු රැුස්වීම
x 2 - 4 ශ්‍රේණ භාර ගුරු රැුස්වීම
x 2 - 5 අංශ ප්‍රධාන රැුස්වීම
x 2 - 6 ද්විපාර්ශවීය හා වෙනත්
3. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඔබ විසින් අධීක්ෂණය කරන වෘත්තීය අධීක්ෂණ ක්‍රමවේද 03 ක් නම් කරන්න.
4. ඉහත සඳහන් ක්‍රමවේද තහවුරු කිරීම සඳහා පහත සඳහන් ශීර්ෂ යටතේ වාර්තා ඉදිරිපත් කරන්න.
x 4 - 1 අභ්‍යන්තර අධීක්ෂණ කාලසටහන
x 4 - 2 අධීක්ෂණයට භාජනය කළ ගුරු නාම ලේඛනය
x 4 - 3 අධීක්ෂණ වාර්තා
x 4 - 4 ඔබ විසින් වැඩි දියුණු කරන ලද පාඩම් සැලසුම් ආකෘතියක්
x 4 - 5 කාර්ය සාධනය නොපෙන්වන ගුරුභවතුන්ගේ අධීක්ෂණ ප්‍රතිචාර
x 4 - 6 ඔබගේ ප්‍රතිපෝෂණ වාර්තා
5. ඔබගේ පාසැලේ ක්‍රියාත්මක කරන ලද ගුරු සංවර්ධන වැඩසටහන් තුනක් (03* නම් කරන්න.
6. ඔම වැඩසටහන්වල ප්‍රගතිය පහත සඳහන් ශීර්ෂ යටතේ තහවුරු කර පෙන්වන්න.
x 6 - 1 ව්‍යාපෘති වාර්තාව
x 6 - 2 නිමැවුම
x 6 - 3 ගුරු ප්‍රතිචාර
7. පාසල තුළ ක්‍රියාත්මක කෙරෙන යහපත් අධ්‍යාපනික ක්‍රියාකාරකම් පහක් (05* ක් ලැයිස්තු ගත කරන්න.
8. එම ක්‍රියාකාරකම් තහවුරු කිරීම සඳහා අදාළ ලේඛන වාර්තා ඉදිරිපත් කරන්න.
ප්‍රමිතිය 2.1.1 පාසලේ පවතින පවිත්‍රතාවය හා සනීපාරක්ෂාව සාක්ෂාත් කරයි.
පාසලේ පවිත්‍රතා සැලැස්ම
1. පාසලේ පවිත්‍රතා සැලැස්ම සකස් කර ඇති ආකාරය දැක්වෙන පිටපතක් අමුණන්න.
x එම කටයුතුවල නායකත්වය හා වගකීම ගන්නා කමිටුවේ සංයුතිය ලියන්න.
x කාර්යය බෙදා ඇති කාර්ය මණ්ඩල වෙන් වෙන්ව දක්වන්න.
x පවිත්රතාවයේ වැදගත්කම තහවුරු කිරීම සඳහා යොදාගෙන ඇති වැකකි, රූප සටහන්, චිත්‍ර හෝ වෙනත් ක්‍රම ඉදිරිපත් කරන්න.
x සමස්ථ පවිත්‍රතා සැලැස්ම ක්‍රියාත්මක කරන ආකාරය පහත දැක්වෙන සටහනේ ඇතුළත් කරන්න. එය විශ්ලේෂණය කර දක්වන්න.
නිර්ණායක/ කාලෙඡ්ද/දිනපතා//සතිපතා/මාසිකව/අර්ධ වාර්ෂික/වාර්ෂික
x අධීක්ෂණ වාර්තා අමුණන්න.
2. ජල පවිත්‍රතාව
x දෙමාපියන්, ආචාර්ය මණ්ඩලය සහ සිසුන් සඳහා මැනවින් සකසන ලද පානීය ජල පහසුකම් පවත්වාගෙන යන ආකාරය දක්වන්න. (උදා: ජල පෙරණ, උණු වතුර, ක්ලෝරීන් මිශ්‍රිත ජලය මෙය සනාථ කිරීමට ඡුායාරූප, වාර්තා අමුනන්න.*
x ඉහත සඳහන් පාසල් ප්‍රජාවට වැසිකිලි, කැසිකිලි ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව, ස්ත්‍රී, පුරුෂ භාවය සැලකිල්ලට ගනිමින් පවත්වාගෙන යන ආකාරය සඳහා භාවිත කරන චක්‍රලේඛ නීතිමය ලිපි ලේඛන අමුණන්න.
x ජලය ක්‍රමානුකූලව බැසයාම සඳහා සලසා ඇති ක්‍රම 05 ක් ලියන්න. එම ක්‍රම භාවිත කිරීමට උපයෝගීකරගත් මූලාශ්‍ර නම් කරන්න.
3.
නිර්ණායක සිසුන්ගේ ගුරුවරුන්ගේ සේවකයින්ගේ දෙමාපියන්ගේ
සනීපාරක්ෂාව
කායික ආරක්ෂාව
ඉහත කරුණු අධීක්ෂණය සහ නියාමනය
ඉහත වගුවේ සඳහන් තොරතුරුවලට අනුව සනීපාරක්ෂාව කායික ආරක්ෂාව යටතේ ගෙන ඇති ක්‍රියාමාර්ග සඳහන් කරන්න. එම වගුව කරුණු විශ්ලේෂණය කර වඩාත් යහපත් සනීපාරක්ෂාවක් සහ කායික ආරක්ෂාවක් සඳහා සලසන ක්‍රම යෝජනා කරන්න.
4. ආචාර් මණ්ඩලය, දෙමාපියන් සහ සිසුන් කුණු කසල කළමනාකරණය කිරීම පිළිබඳව දැනුවත් කරන ආකාරය විස්තර කරන්න. එම වැඩසටහන් වල නිමැවුමේ පිටපත් අමුණන්න.
x කුණු කසල කළමනාකරණයට පවත්වන අයුරු දැක්වීමට පහත වගුව සම්පූර්ණ කරන්න.
නිර්ණායක ක්‍රමවේදය නියාමනය
අධීක්ෂණය
වගකීම තවදුරටත් සංවර්ධනය කිරීමට යෝජනා
කුණු කසල රැුස්කිරීම.
කුණු කසල බැහැර කිරීම.
කසල භාජන ස්ථානගත කිරීම.
කසල භාජන වර්ගීකරණය
ප්‍රමිතිය 2.1.2 පාසල් ප්‍රජාව සඳහා ඉගෙනීමට, වැඩ කිරීමට හා සොයාබැලීමට යාමට පාසල සුරක්ෂිත හා ආරක්ෂාකාරී ස්ථානයක් බව සාක්ෂාත් කිරීම.
1. සනීපාරක්ෂාවට හා සෞඛ්‍යට තර්ජනයක් එල්ල විය හැකි මදුරුවන්, කෘමීන් වැනි සතුන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා අවම කිරීමට යොදා ඇති වැඩපිළිවෙල එමගින් ප්‍රජාවට අත්වන වාසි හා ඵල ප්‍රයෝජන දැක්වෙන ප්‍රදර්ශන පුවරු වල ආදර්ශ ඉදිරිපත් කරන්න.
2. පාසලේ අනාරක්ෂිත ස්ථාන හඳුනාගෙන ඒවා සිතියම් ගත කිරීම. එම සිතියමේ අදර්ශ ඉදිරිපත් කරන්න.
x ඒවා පිළිබඳ දැනුවත් කිරීම හා අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග නම් කරන්න.
3. පාසලේ පිහිටුවා තිබෙන ප්‍රථමාධාර ඒකකය, එහි ඇති ප්‍රථමාධාර කට්ටල, ඖෂධ පිළිබඳ තොරතුරු වාර්තා කරන්න.
x හදිසි අවස්ථාවලදී සම්බන්ධකළ යුතු පුද්ගලයන් හා ආයතනය පිළිබඳ තොරතුරු ප්‍රදර්ශනය කරන්න.
x ප්‍රථමාධාර පුහුණුව ලබාගත් ස්ථාන, ඒකක හා පිරිස් පිළිබඳ තොරතුරු වාර්තාව හා එහි පිටපත් අමුණන්න.
4. හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වීමට පුහුණු කණ්ඩායම්, උපකරණ හා අවශ්‍ය දෑ සූදානම් කර තිබේද? ඔවුන් සම්බන්ධීකරණය කිරීමට යොදාගන්නා වැඩපිළිවෙල (දුරකථන අංක, කෙටි පණිවිඩ* විස්තර කරන්න. සන්නිවේදනය සඳහා උපයෝගීකොටගත් සන්නිවේදන ලිපි අමුණන්න.
ප්‍රමිතිය 3.1.1 පාසල් භූමිය, ගොඩනැගිලි සහ පහසුකම් නඩත්තු කිරීමට වැඩසටහනක් සංවර්ධනය කරයි.
1. පාසලේ භෞතික සම්පත් කළමනාකරණය පිළිබඳව තොරතුරු එක්රැුස් කරගත හැකි තොරතුරු මූලාශ්‍ර ලේඛනයක් ගොඩනගන්න. මේ සඳහා අන්තර්ජාල පරිහරණය කරන්නේ නම් එහි ඹඍඛ ලේඛනයක් පිළියෙල කරන්න.
2. ඔබ පාසලේ සැලැස්මේ පිටපතක් ඉදිරිපත් කරන්න.
3. එම සැලැස්මට අනුව භූමිය, ගොඩනැගිලි, පිරියත, ජලය, විදුලිය හා සනීපාරක්ෂක පහසුකම් ප්‍රමාණනය කිරීම සඳහා ඔබ යෝජනා කරන ක්‍රියාමාර්ග මොනවාද? ඒ සඳහා සැලසුම්කර ඇති උපසැලසුම් තිබේනම් එහි පිටපත් අමුණන්න.
4. පාසලේ ඇති සියලූම භෞතික සම්පත් නිවැරදිව නඩත්තු කිරීම සඳහා යොදාගත හැකි නඩත්තු ලේඛන හා පිරික්සුම් ලැයිස්තු ඔබ සතුව තිබේනම් එහි ඡුායා පිටපත් ඉදිරිපත් කරන්න. එවැනි ආකාරයේ නඩත්තු සටහන් නොමැති නම් සුදුසු ආකෘතියක් සම්පාදනය කර ඉදිරිපත් කරන්න.
5. පාසල් පරිශ්‍රයේ පිහිටා ඇති අනතුරු සිදුවිය හැකි ස්ථාන පිළිබඳ ඔබ විසින් සිදුකරනු ලබන දැනුවත් කිරීමේ හා වැලැක්වීමේ යාන්ත්‍රණය පිළිබඳ විස්තර ඉදිරිපත් කරන්න.
6. හදිසි ආපදා තත්ත්ව, හදිසි අනතුරු වලින් පාසල් ප්‍රජාව වලක්වා ගැනීම සඳහා පාසලේ ක්‍රියාත්මක ආපදා කළමනාකරණ සැලැස්මේ පිටපතක් ඉදිරිපත් කරන්න.
7. පාසල් වපසරිය තුළ (ඉඩ ප්‍රමාණය* ගොඩනැගිලි සඳහා වෙන්කර ඇති භූමි ප්‍රමාණය හා කෙටි කාලීන සංවර්ධන වැඩසටහන් (වගා බිම් ආදී* සඳහා වෙන්කර ඇති ඉඩ ප්‍රමාණ අතර ප්‍රතිශතයන් පිළිබඳ ඔබ සෑහීමකට පත් වන්නේද? හේතු දක්වන්න. (දැනට ඇති ගොඩනැගිලිවල වර්ග අඩි ප්‍රමාණය, නිදහස් ඉඩ ප්‍රමාණය දැක්විය යුතුයි.* එය අවශ්‍ය පරිදි සකස් කර ගැනීමට ඔබ සතුව පවතින උපායශීලී අදහස් දක්වන්න.
8. පරිගණක ආශ්‍රිතව දත්ත කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක වන බව පාසලට ආසන්න වෙනත් පාසලක් නිරීක්ෂණය කර එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ වාර්තාවක් සම්පාදනය කරන්න.
9. පාසල් පිරියත සමාන මට්ටම හා ආකල්ප සංවර්ධනය අතර ඇති සම්බන්ධතාවයක් විශ්ලේෂණාත්මකව පැහැදිලි කරන්න.
ප්‍රමිතිය 3.1.2 පාසල සුරක්ෂිත සහ පවිත්‍ර බව සාක්ෂාත් කරගැනීමට වැඩසටහන් හා ක්‍රියාවලි හඳුන්වයි.
1. පාසලට ජලය ලැබෙන ජල මූලාශ්‍ර පිළිබඳ තොරතුරු වාර්තාවක් ලබා දෙන්න.
2. පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව, එක් ශිෂ්‍යයෙකුට දිනකට අවශ්‍ය ජල ප්‍රමාණය ෆෆෆෆ පාදකව ගණනය කර ඔබ පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාවට සාපේක්ෂව දිනකට, සතියකට හා මාසයක් තුළ අවශ්‍යවන ජල සැපයුමේ ප්‍රමාණය ගණනය කර දක්වන්න.
3. ලබාගන්නා ජලයේ පවිත්‍රතාවය පිළිබඳව ඔබ විසින් ගනු ලබන ක්‍රියාමාර්ග හා එම ජලය බීමට සුදුසු බවට තහවුරු කරගන්නේ කෙසේද?
4. ජල මූලාශ්‍ර ආරක්ෂා සහිතව ලබාගැනීම. උදා:- ලිං ආවරණය කිරීම, බැමි බැඳ සුරක්ෂිත කිරීම, ජල ටැංකි ආවරණය වැනි ආරක්ෂාකාරී පිළිවෙත් ඔබ අනුගමනය කරයි නම් එහි ඡුායාරූප අඩංගු වාර්තාවක් පිළියෙල කර ඉදිරිපත් කරන්න.
5. පාසලේ අප ජලය බැහැර කරලීමේ ක්‍රමවේද කවරේද?
6. ඔබ පාසලේ සනීපාරක්ෂක පහසුකම් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රමවේදය පැහැදිලි කර, විiාලයේ සනීපාරක්ෂක කටයුතු පවත්වාගෙන යාම සඳහා ප්‍රජා දායකත්වය/පිරිසිඳු කිරීමේ සේවාවක සහාය ලබා ගැනීමේ යෙදී තිබේනම් ඒ සඳහා ඔබ ඉදිරිපත් කරනු ලැබූ ක්‍රියාකාරී සැලැස්ම පිටපතක් සහිතව ඇමුණුමක් ලෙස ඉදිරිපත් කරන්න.
7. පාසල් පිරියත නඩත්තු කිරීම සඳහා ඔබේ වාර්ෂික සැලැස්මේ සඳහන් ක්‍රියාමාර්ග මොනවාදැයි වාර්ෂික සැලැස්ම උපුටා දක්වමින් සඳහන් කරන්න.
8. පාසල් පිරියත මනාව කළමනාකරණය කිරීම සඳහා ආචාර්ය මණ්ඩලය හා ප්‍රජාව සහභාගිත්වයත් සහිතව ක්‍රියාත්මක කරනු ලැබූ ව්‍යාපෘති පිළිබඳ වාර්තා 03 ක් ඉදිරිපත් කරන්න.
9. පාසලේ භූමි ප්‍රමාණය පිළිබඳ පිඹුර හා පාසලේ මායිම් පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා ඔබ විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග මොනවාද? පාසලේ භූමි ප්‍රමාණය පිළිබඳ නිශ්චිත මිනුම්දෝරු සැලැස්මක් තිබේනම් එහි පිටපත් අමුණන්න. පාසලට හිමි මායිම් නිර්ණය කර නොතිබේ නම් ඒ සඳහා ඔබ විසින් යෝජනා කර තිබෙන වැඩ පිළිවෙල කුමක් ද යන්න සඳහන් කරන්න.
- විෂය නිපුණතාවය හා පොදු නිපුණතාවය පිළිබඳ ඔබගේ නිර්වචන ඉදිරිපත් කරන්න.
- ඉහත :ස* හි අධ්‍යයන කරනු ලැබූ සුවිශේෂී ඉගෙනුම් ඵල විෂය හැකියා හා පොදු හැකියා වශයෙන් බෙදී ගොස් ඇති ආකාරය විග්රහ කරන්න.
- ඉහත අංක 01 යටතේ හඳුනාගනු ලැබූ ගුරුභවතුන් ගේ ක්‍රියාකාරකම් සැලසුම්වල පොදු හැකියා සහ විෂය හැකියා හඳුනා ගැනීමේ වෙනස්කම් තිබේද යන්න උදාහරණ ආශ්‍රිතව පැහැදිලි කරන්න.
- ඉහත 01 හි සඳහන් ගුරුභවතුන් කාණ්ඩ අතර ඇති විෂමතා තිබේනම් ඒවා සම මට්ටමට ගෙනඒම සඳහා ඔබ විසින් යෝජනා කරනු ලබන වැඩපිළිවෙල පැහැදිලි කරන්න.
ප්‍රමිතිය 4.1.2 පාසල පුරා විෂය සමගාමී වැඩසටහනක් සංවර්ධනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
1. ඔබේ පාසලේ විෂයමාලා කමිටුවේ සංයුතිය පිළිබඳව 4.1.1 යටතේ (03* විෂයමාලා කමිටුවේ සංයුතිය පිළිබඳව නැවත සිහිපත් කර ගන්න.
x ඔබේ පාසලේ විෂයමාලා කමිටුවට සිසුන් ඇතුළත් කර තිබේදැයි සඳහන් කරන්න.
x ශිෂ්‍ය සහභාගීත්වය සහිත/රහිත විෂයමාලා කමිටු සංසන්දනය කරමින් ශිෂ්‍ය සහභාගීත්වයේ වැදගත්කම අවධාරණය කරන්න්.
x පාසලේ ක්‍රියාත්මක වන විෂය සමගාමී වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා ශිෂ්‍ය සහභාගිත්වය ලබාගන්නා ආකාරය විමසීමට ලක් කරන්න.
x පාසල් මට්ටමේ ක්‍රියාත්මක කළ හැකි සමිති සමාගම් ඇසුරින් ශිෂ්‍ය සහභාගීත්වය වර්ධනය කර ගන්නා ආකාරය විමසන්න.
2. ඔබ පාසලේ විෂය සමගාමී කටයුතු අවම වශයෙන් දෙකකටවත් සහභාගිවන සිසුන් දෙදෙනෙකු තෝරා ඔවුන් සම`ග සම්මුඛ සාකච්ඡුාවක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන්න. මෙම සම්මුඛ සාකච්ඡුාව ඇසුරින්,
x උක්ත සම්මුඛ සාකච්ඡුාවේදී විමසිය යුතු ප්‍රධාන ක්ෂේත්‍ර හඳුන්වන්න.
x මෙම සම්මුඛ සාකච්ඡුාව සඳහා භාවිතයට ගත හැකි වන පරිදි සම්මුඛ සාකච්ඡුා නියමාවලියක් නිර්මාණය කරන්න.
x ඔබ විසින් සකස් කරනු ලැබූ නියමාවලිය භාවිත කර සිසුන් දෙදෙනෙකු සම`ග සම්මුඛ සාකච්ඡුාව පවත්වා එහි හඬ පටය සුරැුකිව තබාගන්න.
x රැුස්කර ගන්නා ලද තොරතුරු ආශ්රයෙන් විiාලයේ විෂය සමගාමී කටයුතු පිළිබඳව විස්තරාත්මක වාර්තාවක් පිළියෙල කරන්න. මෙම වාර්තාව තුළ විෂය සමගාමී කටයුතු සම්බන්ධව මතු දැක්වෙන ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු වී තිබීම අනිවාර්ය වේ.
විෂය සමගාමී කටයුතු සඳහා ශිෂ්‍ය සහභාගීත්වය ලබාගත හැකි ක්ෂේත්‍ර
විෂය සමගාමී කටයුතු සඳහා සිසුන් වැය කරන කාලය
විෂය සමගාමී කටයුතු සඳහා දෙමාපියන් දරණ පිරිවැය
3. ඉගෙනුම දීර්ඝ කිරීමේ උදාහරණ ලෙස ඔබ අදහස් කරන්නේ කුමක්දැයි ගුරු/සිසු දෙපාර්ශවය ඇසුරින් පැහැදිලි කරන්න.
x සිසුන්ගේ භාෂා හැකියාව වර්ධනය කිරීම සඳහා ඔබේ පාසලේ ගුරුභවතුන් විසින් සම්පාදනය කර තිබෙන එක් ඉගෙනුම් දීර්ඝ කිරීමේ උදාහරණයක් තෝරාගෙන එය ක්‍රියාවට නැගෙන ආකාරය පැහැදිලි කරන්න.
x සිසුන්ගේ සන්නිවේදන හැකියා වැඩි දියුණු කිරීම පිණිස ශ්‍රී ලංකාවේ පාසලක ක්‍රියාත්මක වන මාධ්‍ය කවයන් පිළිබඳ සාරාංශ වාර්තාවක් මතු දැක්වේ. මෙම කෙටි සිද්ධි අධ්‍යයනය හොඳින් කියවා ඒ ආශ්‍රිතව මතු දැක්වෙන ගැටලූ වලට පිළිතුරු ගොනු කරන්න.
‘‘දකුණු ශ්‍රී ලංකාවේ ලංකාගම කනිෂ්ඨ විiාලය තුළ ක්‍රියාත්මක වන ලක්දරු මාධ්‍ය කවය මෑතදී ආරම්භ කරන ලද්දේ එහි විදුහල්පතිතුමාගේ නවීකරණ සංකල්පයට අනුවයි. මේ ම`ගින් අපේක්ෂිත ප්රමුඛ කාර්යය වනුයේ සිසු දරුවන්ගේ සන්නිවේදන කුසලතා වර්ධනය කිරීම සහ නවීන තාක්ෂණය අනුව දියුණුවන සන්නිවේදන ක්‍රම පිළිබඳ නවමු අද්දැකීම් ලබාදීමයි.
පාසල ආරම්භ කිරීමට පෙර සහ පාසලේ විවේක කාලය තුළ මෙම මාධ්‍ය කවය ක්‍රියාත්මක වන අතර මාධ්‍යගතව සකස්කරණ ලද වැඩසටහනකට අදාළව සැලසුම්කරණ ලද ප්‍රශ්ණයක් ලබාදී සිසු දරුවන්ගෙන් එයට පිළිතුරු ලබාගැනීම අපේක්ෂිතයි. පිළිතුරු ලබාදීමේ ක්‍රමය වශයෙන් නවීන සන්නිවේදන තාක්ෂණික මෙවලම් භාවිතයට අවස්ථාව සලසා තිබේ. මාධ්‍ය ඒකකය විසින් න`ගන ලද පැණයට ශිෂ්‍යයන් පිළිතුරු ලබාදෙන අතර, ඒ සඳහා ඔවුන්ට ත්‍යාගයක් ද හිමිවේ.
මෙම වැඩ පිළිවෙල මගින් සිසුන්ගේ විෂය දැනුම තව දුරටත් තහවුරු කර ගැනීමට අවස්ථා සැලසෙන අතර සිසුන්ගේ සන්නිවේදන කුසලතා වර්ධනය කර ගැනීමට ද ප්‍රභල පිටුවහලක් ලබාදේ.’’
x ඉගෙනුම් ඉගැන්වීම් දීර්ඝ කිරීමේ උපකරණයක් ලෙස මෙවන් ආකාරයේ වැඩසටහන් සැලසුම් කිරීම සිසු/ගුරු දෙපාර්ශවයටම වැදගත් වන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න.
x පාසල් මට්ටමේ ක්‍රියාත්මක වන විවිධ සමිති සමාගම් ඔස්සේ මෙවන් වැඩසටහනක් සංවිධානය කිරීමේ වැදගත්කම විමසන්න.
x ඔබ පාසලේ ක්‍රියාත්මක කළ හැකි විෂය සමගාමී ක්‍රියාකාරකම් සැලසුම් සහිත වැඩසටහනක් පිළිබඳව මූලි කසැලසුමක් සකස් කරන්න.
x එම වැඩපිළිවෙල පාසල් මට්ටමින් ක්‍රියාත්මක කර මතු දැක්වෙන තේමා ඔස්සේ සාරාංශ වාර්තාවක් ගොඩන`ගන්න.
. වැඩසටහන සඳහා ගුරු සිසු පෙළඹවීම
. වැඩසටහනේ ගුරු සිසු සහභාගිත්වය
. වැඩසටහන ඔස්සේ ඔවුන් ලබන ප්‍රයෝජන
. වැඩසටහන වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ගේ යෝජනා/අදහස්
. වැඩසටහන තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා ඔබේ යෝජනා/අදහස්
x ඉහත සියලූ කරුණු සැලකිල්ලට ගනිමින්, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය දීර්ඝ කිරීමේ උපකරණයක් ලෙෂ පාසලේ විෂය සමගාමී වැඩසටහන් යොදාගැනීම සඳහා ඔබ විසින් කටයුතු කරන ආකාරය පැහැදිලි කරන්න.
4. ශ්‍රී ලාංකේය පාසල් සිසුන්ගේ සමෝධානිත පෞරුෂයයන් සඳහා වඩවාගත යුතු හැකියා දෙවර්ගයකි.
. අන්තර් පුද්ගල කුසලතා
. අන්ත: පුද්ගල කුසලතා
x ශිෂ්‍යයන් තුළ ගොඩනැගිය යුතු ‘‘සමෝධානික පෞරුෂ්‍යය’’ යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්දැයි පැහැදිලි කරන්න.
x අන්තර් පුද්ගල හැකියා සහ අන්ත: පුද්ගල හැකියා සමෝධානිත පෞරුෂයට බලපාන ආකාරය ඔබේ පාසලේ උදාහරණ ඇසුරින් විස්තර කරන්න.
x ඔබේ පාසලට විෂය සමගාමී කටයුතු හඳුන්වාදීමේදී ඔබ විසින් අනුගමනය කරනු ලබන ක්‍රියා පිළිවෙත මතු දැක්වෙන තේමා ඔස්සේ විස්තර කරන්න.
විෂය සමගාමී කටයුතු සම්බන්ධ කරනු ලබන විෂය මාලාවට අයත් ප්‍රධාන විෂයයන් සහා එම සම්බන්ධතාවය ඇතිකරණු ලබන ආකාරය (උදා:- සිංහල භාෂාව සන්නිවේදන හැකියා ප්‍රවර්ධනය කිරීම.*
එම විෂයයන් අවධාරණය කරනු ලබන පෞරුෂය ක්ෂේත්‍ර
සමෝධානිත පෞරුෂයයන් සඳහා විෂය සමගාමී කටයුතු තේරීමේදී සලකා බැලිය යුතු සාධක
ඔබ පාසලේ දැනට ක්‍රියාත්මක වන විෂය සමගාමී කාර්යයන්
සමාජ හැකියා
පුද්ගල හැකියා වර්ධනයට දායකවන ආකාරය
චින්තන හැකියා
x ඔබේ පාසලේ සෑම ශිෂ්‍යයෙක්ම අවම වශයෙන් විෂය සමගාමී කටයුතු දෙකක්වත් සිදුකිරීමට යොමු කිරීම ඔබේ අපේක්ෂාව නම්, ඒ සඳහා ගුරු සිසු දෙපාර්ශවයම මෙහෙයවන ආකාරය උදාහරණ ආශ්‍රිතව පැහැදිලි කරන්න.