යහ භාවිතයන් (විශිෂ්ට ව්‍යවහාර)

  • දරුවන්ගේ විෂය සමගාමී කාලච්ඡේදය තුළ හා පස්වරු 1.00 සිට 1.30 දක්වා කාලය තුළ පරිගණක ඇසුරින් ක්‍රියාකාරකම් කිරීමට 2, 3, 4 ශ්‍රේණි දරුවන්ට ඉඩ ප්‍රස්තාවන් සැකසීම.

 

  • පරිසර ළමා සමාජ පිහිටුවා ඒ ඇසුරින් පරිසරය පිළිබද ගවේෂණ කිරීමට අවස්ථා ලබා දීම

 

  • ශිෂ්‍ය සමීති මගින් දරුවාගේ බාහිර දැනුම හා ‍සෞන්දර්යාත්මක කුසලතා සංවර්ධනය කිරීම


  • පෝතක බාලදක්ෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීම


  • සතියකට වරක් යෝග හා භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

 

  • නර්තනයට දක්ෂ දරුවන් වෙනුවෙන් සම්පත් දායිකාවක මගින් එම කුසලතා සංවර්ධනයට අවස්ථා සැලසීම

 

  • සිසු නිර්මාණ පුවරුව හරහා සිංහල ,දෙමළ හා ඉංග්‍රීසි  භාෂා ඔස්සේ ලේඛන හා නිර්මාණශීලී චින්තනය ප්‍රගුණ කරගැනීමට අවස්ථා සැලසීම


  • 3 හා 4 ශ්‍රේණි දරුවන්ට තුළ කාර්මික දැනුම ලබා දීමට බහුකාර්ය ඒකකයක් සැකසීම



Post a Comment

Previous Post Next Post