යහ භාවිතයන්


 • පාසලේ විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් භාර නියෝජ්‍ය විදුහල්පති ලෙස, ක්‍රීඩා කටයුතු සඳහා වැඩි අවධානයක් යොමු කිරීම මගින් , 2020 වර්ෂයේ හෝමාගම කොට්ඨාශ ක්‍රීඩා තරග ප්‍රථම ස්ථානය වෙත පාසල ඔසවා තැබීමට හැකිවීම.

•පාසලේ ඵලදායිතාව වැඩසටහන් ක්‍රියාත්මක කරමින් , 2020 වර්ෂයෙහි ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් පවත්වන ජාතික ඵලදායිතා තරග 2020 අයදුම්පත ජයග්‍රහණය කිරීමෙන් පසු ස්ථානීය පරීක්ෂණයට සාර්ථක ලෙස මුහුණ දී ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටීම .

•2020 වර්ෂෙය් කැඩී කැඩී බිඳී අබලන්ව තිබූ ඩෙස් පුටු 128 ප්‍රමාණයක් සුබ පතන්නන්ගේ සහයෝගයෙන් අලුත්වැඩියා කිරීම.

•2021 වර්ෂයෙහි පාසලෙහි ගොඩනැගිලි සියල්ලේම මැකී ගොස් තිබූ සිතුවම් සහ ඉගෙනුම් ආධාරක ආදි ශිෂ්‍යයන් සහභාගී කරගෙන නැවත පින්තාරු කිරීම. 

Post a Comment

Previous Post Next Post